ශ්‍රී ලංකාව වටා තියෙන සුන්දර වෙරළ තීරයේ දිග කි.මී 1340 ක් පමණ වෙනවා. හැබැයි අපේ වාණිජ අගනගරය වන කොළඹ නගරය සමුද්රායසන්න නගරයක් වුණත් අපිට නිදහසේ සුව විදින්න පුළුවන් වෙරළක් තියෙන්නෙ ගල්කිස්සත් වැල්ලවත්ත අතර කි.මී 5 ක වගේ සීමිත තීරය පමණයි. එයත් විශාල පිරිසකගේ පරිහරණයට හා යාබදව පිහිටා ඇති අපජලය බැහැර කෙරෙන ඇළ මාර්ග නිසා පසුගිය කාලය පුරාවටම දැඩි අපිරිසිදු බවකින් හා නිරන්තරව කැළිකසලින් පිරී පැවතුණා. විවිධ ස්වේච්ඡා සංවිධාන හා ආයතන වරින් වර වෙරළ පිරිසිදු කිරීමේ එක් දින ශ්රිමදාන ආදී කටයුතු සිදු කළ ද මේ වෙරළ තීරය යළි කැළි කසලින් පිරී යන්නට ගත වෙන්නේ සුදු මොහොතයි.
මේ පසුබිම තුළ කොළඹ වරාය නගරය ඉදිකරන Port City සමාගමේ අදහසක් හා මූල්‍යය දායකත්වය මත ක්රිසයාශීලී උද්යෝගිමත් තරුණ පරිසරහිතවාදී ‘වන අරණ‘ සංවිධානයේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් මෙරට ඉතිහාසයේ පළමු වරට ගල්කිස්සේ සිට වැල්ලවත්ත දක්වා වූ වෙරළ තීරය දිනපතා අඛණ්ඩව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ‘ලස්සන වෙරළ‘ නමින් පසුගිය ජනවාරි මාසයේ දී ආරම්භ කෙරුණා. ඒ අනුව පිරිසිදු කිරීම් කටයුතු භාර Clean Tech ආයතනයේ සේවක මහතුන්ගේ නිත්‍ය. රාජකාරියක් ලෙස මෙම වෙරළ තීරය සෑම දිනකම උදෑසන සිට සවස් වනතුරු අඛණ්ඩව පිරිසිදු කරනු ලැබේ. Read more
Good https://shorturl.at/2breu
Very good https://t.ly/tndaA
Awesome https://t.ly/tndaA
Very good https://is.gd/N1ikS2
Good https://is.gd/N1ikS2
https://shorturl.fm/6539m
https://shorturl.fm/I3T8M
Start profiting from your traffic—sign up today! https://shorturl.fm/huMQq